අතීතය දෙස බලලා තමයි අපි අපේ අනාගතය නිර්මාණය කරගන්නේ. ශ්‍රී ලාංකිකයෝ වන අපට හරි අපූරු ශක්තිමත් ඉතිහාසයක් තියෙනවා. ඉතින් අනාගතය ගොඩනඟා ගන්න අපට අතීතයට යන්නම වෙනවා. ඒ නිසාම අතීතයේ සුන්දර මතකයන් ගොන්නක් කරපින්නා ගත් ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයකට අපි අද යන්න හිතුව. බෙලිගල් කෝරළයේ කීරවැලි පත්තුවට අයත් දොරවක ලෙන නැතිනම් ඇතුබැඳි ලෙන කියන්නේ සුන්දර මතකයන් රැසක් කැටි කොටගත් කොට ගත් ඓතිහාසික ස්ථානයක්. මේ දොරවක කියන ග්‍රාමය ඓතිහාසික පුරවරයක්. වරකාපොල සිට අගුරුවැල්ල අඟුරුවැල්ල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කළ පසු හමුවන තල්ලියද්ද හන්දියෙන් වම් දෙසට ඇති මාදෙනිය මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගියාම තමයි අපට මේ දොරවකලෙන හමු වුනේ.
උදෑසන හිරු කිරණ පොළොව සිප ගන්නවත් සමගම තමයි අපි ගමනාන්තය කරා ළඟා වුණේ. වාහනයකින් ලෙන ආසන්නයටම යන්න අපහසුයි. ඒ නිසා දෙපා වාරුවෙන් තමයි අපට ගමන අවසන් කරන්න සිද්ධ වුණේ. මේ ගම්මානය ගැන වගේම ලෙන ගෙන අති ජනප්‍රවාදයන්හී මතකය අවදි කරමින් ගමන් කරපු නිසාද මන්දා වැඩි මහන්සියක් දැනුනේ නෑ. එහෙත් ගමන ටිකක් විතර දුෂ්කරයි. රබර් වත්තක් මැදින් වැටිල තියෙන පුංචි අඩිපාරත් ටිකක් විතර ලිස්සනවා. ඒ නිසා පරිස්සමෙන් තමයි යන්න ඕන.
ගමනාන්තය කරා ළඟා වුණ අපට දැකගත හැකි වූයේ නිසංසල රබර් වත්තක් මැද විරාජමානව තිබෙන ගල්ලෙනයි. කුරුල්ලන්ගේ කිචිබිචිය ගසට ගස් ඇතිල්ලෙන සර සර හඬත් ඇරෙන්න වෙන කිසිම ශබ්දයක් නෑ. අඩි 55 ක් පමණ උසැති දැවැන්ත ගල් දෙකක් එකිනෙකා වැළඳගැනීමෙන් තමයි මේ ලෙන නිර්මාණය වෙලා තියෙන්නේ. අනෙක් තැන්වලට වඩා මෙය විශේෂ වන්නේ ද මෙහි ඇති හැඩය නිසා. ආදි මානවයා මෙම ඇතුබැඳි ලෙන තම වාසස්ථානය කොට ගෙන ජීවත් වූ බවට බොහෝමයක් පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වෙලා තියෙනවා. මේ ලෙන ඇතුබැඳි ලෙන කියලා කියල හඳුන්වන්න පාදක වුණු විවිධ හේතු කිහිපයක්ම තිබෙනවා. ඒ අතර එක් මතයක් වන්නේ ආදි මානවයා විසින් සලකුණු කරන ලද රූප සටහන් අතර ඇති ඇතකුගේ රූප සටහනක් මෙහි තිබීමයි. ඒ නිසා එය ඇති බැඳගෙන ඇති බැඳගෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලා එක් මතයක් තියෙනවා. තවත් මතයක් තමයි ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ සේනා සංවිධානය කිරීම සඳහා සැඟව සිටි වළගම්බා රජුගේ මංගල හස්තිරාජයා මෙම ලෙනෙහි බැඳ තිබුණු නිසා මෙය ඇතු බැඳි ලෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලා. ඒ වගේම මෙහි රහතන් වහන්සේලා වැඩ වාසය කළ බවට ද මතයක් තියනවා.
මෙම ලෙන අවට ඇති කළු දිය පොකුණ, උමං මාලිගය, සෝමා ලෙන, වලගම්බා රජු මෙහි වාසය කළ බවට සාක්ෂි දරනවා. මෙම කළු කළු දිය පොකුණේ ඉතාමත් පිරිසිදු ජලය එකල තිබුණු බවට සාධක හමු වූ අතර අද වන විට එය අභාවයට ගිහින්. ඒ වගේ රජු මෙතැන සිට සේනා සංවිධානය කරමින් ආයුධ නිපද වූ බවට මේ අවට තිබෙන යබොර පාෂාණ සාක්ෂි දරනවා.
ඒ වගේම ආදිමානවයා සතුව පැවති දියුණු සංස්කෘතියට මෙම ලෙන සාක්ෂි දරන්නේ කිසිම ලෝබකමක් නැතුවමයි. එහෙත් එහි ගිය අපගේ මුවගට නැගුනේ නම් සතුටු සිනහවක් නොවෙයි. මෙතරම් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක අගය නොදන්නා පිරිස් තාම අප අතර සිටිනවා.ගල් බිත්ති මත ආදි මානවයා විසින් සලකුණු කරන ලද සටහන් ඔවුන් විනාශකර විනාශ කර දමා ඇත්තේ සිත් පිත් නැත්තවුන් ලෙසටයි. පරිසරයක සුන්දරත්වය විඳින්නට නොහැකි ඓතිහාසික වටිනාකමක් නොදන්නා පිරිස් සිටින සමාජයක මෙවැනි දෑ සුරැකීම පරිසරයට ආදරය කරන අප සියල්ලන්ගේම යුතුකමක් වගේම වගකීමක්.
No comments:
Post a Comment